රිය අනතුරකින් බිළිඳියක් මරුට

තංගල්ල ගොඩිගමුව ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් මාස 07ක් වයසැති බිළිඳියක් මිය ගොස් තිබේ.

ලොරි රථයක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් මෙම බිළිඳිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ එකම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා ගමන් කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ පවුලේ සෙසු සාමාජිකයන් සහ ලොරි රථයේ රියදුරු රෝහල්ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published.