අමරපුර මහ නාහිමිගේ ආදාහන පූජෝත්සවය

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරු 03 සිට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

මහ නාහිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද දහවල් වන තෙක් රාජගිරිය කලපළුවාව “ගෝතම තපෝවනය” සංඝ මුලස්ථානයේ තැන්පත් කර තිබුණි.

ඉකුත් 16 වැනිදා හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහා නා හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර එදිනම උන් වහන්සේ අපවත් වුණේ, එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අපවත් වන විට උන්වහන්සේ 84 වැනි වියෙහි පසුවුණි. 

ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකෙරෙන අයුරු ඉහත වීඩියෝවෙන් සජීවිව නැරඹිය හැකිය.

Leave a Reply

Your email address will not be published.