පොලිස් ලොක්කෙක්ගේ පුතෙක්ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

රිය අනතුරක් සිදුකොට පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබාදුනි.

2019 වසරේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරච්චන්ද්‍ර මහතා මෙම රිය අනතුරට මුහුණ දී තිබුණි.

ඒ අනුව විත්තිකරුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටුවන බවත් නියෝග කළේය.

ඊට අමතරව රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

එමෙන්ම අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයාගේ යතුරුපැදිය රජයේ දේපළක් බැවින් ඊට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය විත්තිකරුට නියෝග කර තිබේ.

2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතාව රිය අනතුරකට ලක් කොට බරපතළ තුවාල සිදු කළ අතර ඒ මහතා පසුව මිය ගොස් තිබුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයකු වන නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published.