පියාගෙන්, බිරියට සහ පුතාට කඩු පහරක්

රුක්මල්ගම ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියා කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මව සහ පුතා බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි මව (32) සහ පුතා (19) බව පොලීසිය කියයි .

මොවුන් අතර කලක සිට අවස්ථා කීපයකදී බහින්බස් වීම් සිදුවී ඇති අතර එක් අවස්ථාවකදී පියා  පුතාට පහර දීමේ සිද්ධියක් ද වාර්තා වී තිබුණි .

එම සිද්ධිය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් උරණව සිටි පියා විටින් විට පුතා සමඟ ආරවුල් ඇතිකර ගන්නා බව පැවසේ.

මේ අතර  දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන පසුව පියා අත තිබූ තියුණු ආයුධයකින් පුතාගේ හිසට පහර දී කැපුම් තුවාල සිදුකර තිබුණි.

එය වැළැක්වීමට ඉදිරිපත් වූ බිරිදගේ ද මුහුණෙහි සහ අතෙහි කැපුම් තුවාල ලබා තිබේ. ඒ අනුව බරපතළ තුවාල ලැබූ පුතා සහ මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හිසට තුවාල ලැබූ පුතා ශල්‍යකර්මයකට යොමු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

Leave a Reply

Your email address will not be published.