රට ගිය පොලිස් නිලධාරීන් 4 දෙනෙක් යළි නොඑයි

සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

ඒ, ජාත්‍යන්තර සමුළුවක් සඳහා සහභාගීවීමට එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සම්බන්ධයෙනි.

එලෙස සේවයට වාර්තාකර නැත්තේ පසුගිය මාසයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වන සමුළුව සඳහා සහභාගී වීමට එංගලන්තය බලා පිටත්ව ගිය ක්‍රීඩා කොට්ඨාසයට අනියුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published.