කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි අදාළ තීරණය ගෙන ඇති බවය. 

එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබේ.

මුල් අවස්ථාවේදීම එම පොලිස් නිළධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.