ශාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි

හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි.

අනතුරුව අමෙරිකාවේදී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ කුඩා ශල්‍යකර්මයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එම වාර්තා සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය.

මේ අතර අනතුරින් පසුව ඔහු නැවත ඉන්දියාව වෙත පැමිණ ඇති බවත් සිය නිවසේ විවේක සුවයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

Leave a Reply

Your email address will not be published.