එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ බෝරු චෝදනා වලට එරෙහිව ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය පිළිතුරු දෙයි

53 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කොටි හිතවාදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණය පරාජය කරමු යනුවෙන් ජාතිය ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය විසින් අද (06) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙළිදරව් කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වන ලදි.

එහිදි ඔවුන් සඳහන් කර සිටියේ

ජිනීවා සැසිවාරයට සමගාමිව අපේ රටට විරුද්ධව එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් මුල්කරගනිමින් අභුත චෝදනා ගොඩනගමින් නව යෝජනා කොන්දේසි සම්මත කර ගැනිමට සුදානමක් පවතිනවා

යුද්ධය අවසන් වි වසර 13ක් ගතවි තිබෙනවා එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් අහිංසක සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව ගම් පිටින් සමුලඝාතනය කලා. සිවිල් ජනයා, දරුවන්, ආගමික ස්ථාන ඉලක්ක කරගෙන අනන්තව ප්‍රහාර එල්ල කලා. මෙම ත්‍රස්තවාදි ක්‍රියාවන් සිදුකල එල්ටීටීඊ ත්‍රස්තවාදය තමයි මේ රට අවසන් කලේ. යුද්ධය අවසන් වෙලා දැන් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනතාව සාමකාමිව, ආර්ථිකව, සංස්කෘතිකව, සමෘද්ධිමත්ව ගොඩනැගෙමින් පවතිනවා. අද වෙළඳාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දකුණට වඩා හොදින් උතුරේ සිද්ධවෙනවා.

 එවැනි පසුබිමක එල්ටීටීඊ ඩයස්පොරාවේ සාමාජිකයින්ගේ අවශ්‍යතා ලාභ ප්‍රයෝජන මත  යුරෝපයේ සහ බටහිර රටවල රාජ්‍ය නායකයින්, ජිනිවා මානව හිමිකම් සංවිධානය, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු නිලධාරින් පිරිස මෙම ඩයස්පොරාවේ සාමාජිකයින්ව සතුටු කිරිමේ උවමනාව මත මේ රටේ  ගොඩනැගි තිබෙන සාමය සංහිදියාව විනාශ කිරිම සඳහා මේ රටට එරෙහිව තව තවත් නව යෝජනා සම්මත කරමින් රටට කොන්දේසි දමමින් පවතිනවා.

ඒ නිසා අපි වි‌ශේෂයෙන් මානව හිමිකම් කොමසාරිස් තුමියට ඉදිරිපත් කරනවා ලෝකේ වටේම ඉවරකර ගන්න බැරි ත්‍රස්තවාදි යුධ ගැටුම් තියෙද්දි  මේ රටේ යුද්ධය අවසන් කරපු රජයටත් ආරක්ෂක අංශ වලටත් අභූත චෝදනා නගමින් ගොඩනැගෙමින් හුස්ම ගනිමින් ඉදිරියට යන මේ රට නැවත පහතට හෙලා දමන්න දරණ  උත්සහය වහාම නවත්තන්න කියලා.  

අනතුරුව ඔවුන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ඇමරිකානු තානාපති කාර්යාලය සහ අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මේ සම්බන්ධව  ලිපියක්ද භාර දෙන ලදි   

Leave a Reply

Your email address will not be published.