බන්ධනාගාර රැඳවියන් 933කට නිදහස

වි‍‍ශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත රැඳවියන් 933ක් නිදහස් කර තිබේ.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 12 වනදාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කර ඇති බවය.

මෙලෙස නිදහස හිමිව ඇති රැඳවියන් අතර පිරිමි රැඳවියන් 926ක් සහ කාන්තා රැඳවියන් 07ක් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

Leave a Reply

Your email address will not be published.