අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ පුද්ගලයෙකු දැලේ

දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 150,00කට අධික මුදලක් ද එහිදි සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.