රුපියල් එක් කෝටි දෙලක්ෂයක රන් කටුනායකදී මාට්ටු

රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා, පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම කාන්තාව නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නියකි.

ඇය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 03.00 ට  පැමිණ, එහි සියලුම පරීක්ෂණ නිමා කර ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක ග්‍රෑම් 587 යි මිලි ග්‍රෑම් 316 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී ඇත.

මෙසේ අත් අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published.