සරසවි සිසුන් මාස හතරක් සමාජ සේවා වැඩට

විශ්වවිද්‍යාල වල ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට  පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.  

ලබන වසර සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ද එම සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස හතරක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

විශ්ව විද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද රාඝවන් මහතා කීය. 

මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද  සුරේන් රාඝවන් මහතා පැවසීය.  

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 

Leave a Reply

Your email address will not be published.