ව‍රායේ සිර වූ ආනයනික භාණ්ඩ ගැන හෙළිදරව්වක්

මෙරටට ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක් බෙදා හැරීමට නොහැකිව වරාය තුළ සිරවීමෙන් අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ.

මේ ගැන සොයා බැලීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (29) වරාය පරිශ්‍රයට පැමිණ තිබේ.

උත්සව සමය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් මේ දිනවල රටට ආනයනය කරන නමුත් එම ආනයනික ද්‍රව්‍ය තවමත් බෙදාහැරීමට නොහැකිව වරාය තුළ සිර වී ඇති බව බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ, බෙදාහැරීමට නොහැකිව මෙලෙස ද්‍රව්‍ය වරාය තුළ එකතු වීම රටේ ආර්ථිකයට සෘජු ව බලපාන බවයි.

Leave a Reply

Your email address will not be published.