ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත්කරමින් ගැසට් පත්‍රයක් මේ වනවිට නිකුත් කර ඇති බව සඳහන්ය.