නිවසකට පැන්න කල්ලියක් රු කෝටි 2ක් කොල්ලකයි

නිවසකට ඇතුළුවූ කල්ලියක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලක් කොල්ලකා පළාගොස් තිබේ.

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ ස්විට්සර්ලන්තය සිට පැමිණි කාන්තාවක් තනිව ජීවත්වී ඇති අතර ඇයට දැඩි ලෙස පහරදී මුදල් කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙම කොල්ලකරුවන් අද (20) උදෑසන එම නිවසේ නාන කාමරයේ කවුළුවේ විදුරුව බිඳ නිවසට ඇතුළුවී ඇති බව හෙළිවී ඇත.

පසුව අල්මාරියක් කඩා එහි තිබූ විදෙස් මුදල්, රත්තරන් ආභරණ සහ මෙරට මුදල් කොල්ලකා තිබේ.

නිවසේ තනිවම සිටි 62 හැවිරිදි කාන්තාවගේ සැමියා සහ දියණිය ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින අතර ඇයද ස්විට්සර්ලන්තයේ හෙදියක ලෙස සේවය කරමින් සිට විශ්‍රාම ගෙන කෙටි කලකට මෙරටට පැමිණ ඇත.

කාත්තාන්කුඩි පොලීසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්වී පොලිස් නිල සුනඛයින්ව ද යොදාගනිමින් විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.