පියා කැඩූ පොල් ගෙඩිය හිසට වැටී පුතා මරුට

පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී එම දරුවා මියගොස් ඇති අතර එසේ මරණයට පත්ව ඇත්තේ නමුණුකුල මියනකඳුර පදිංචිව සිටි මියනකඳුර මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ‍ඉගෙනුම ලැබූ සිසුවෙක්.
පසුගියදා සවස පියා ගෙවත්තේ අඩි 50 ක් පමණ උසැති ගසකට නැග පොල් කඩන විට මෙම පුත්‍රයා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිනෙමින් සිට ඇති බවත් ඒ මොහොතේ පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් පුතුගේ හිස මතට වැටී තිබෙනවා.
බරපතල තුවාල ලැබූ දරුවා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (31) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති අතර 55 හැවිරිදි පියාට එරෙහිව නොසැලකිලි මත්ව පොල් කැඩීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published.