විදුලිය-ඉන්ධන-සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා වෙයි

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයිම සහ සෞඛ්‍ය සේවා නැවත වරක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (03) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ් අනුව විදුලිබල සැපයුම සහ ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව සැප්තැම්බර් 3 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ අදාළ අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව කරන ලද ඉල්ලීම අනුව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට නියම කරමින් පසුගිය අගෝස්තු 3 දා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි. නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් මෙම 03 දින සිට ඉහත සේවා අත්‍යවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.