ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගම්පොළ, කුරුඳුවත්ත, රාක්ෂාව කඩ වීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබේ.

විශේෂ කාර්‍ය බළකා ගම්පොළ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අද (28) අලුයම කළ වැටලීමකින් මෙම ගිනි අවිය හමු වී ඇත.

ටී-56 ගිනි අවිවලට භාවිත කරන වර්ගයේ පතොරම් යෙදිය හැකි මෙම තුවක්කුව සමඟ, එම වර්ගයේ එක් උණ්ඩයක් ද හමු වී ඇති බව වාර්තා වේ.

මෙම ගිනි අවිය, දඩයම් සඳහා භාවිත කරන එකක් බවට වාර්තා වී ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස් අවුරුදු 35ක පුද්ගලයෙකි.

කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published.