කොළඹ ගාලු මුවදොර පිහිටි විරෝධතා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කරනවා.අද(27) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ විරෝධතා පැවැත්වෙන ස්ථානය විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි විහාරමහා දේවි උද්‍යානයට ගෙන යා හැකි බවයි.ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානය, සුදුසු ස්ථානයක් නො වන බව නාගරික සංවර්ධනContinue Reading

නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ව සිවිල් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනව බව වාර්තා වනවා.කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී වෙනත් ගමනක් යාම සඳහා බස් රියකට ගොඩ වැදී සිටිය දි යි ඔහු ව මෙසේ පැහැර ගෙනContinue Reading

ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති අතර මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.  නඩු විභාගයක් සදහා පැමිණි පස් පොඩ්ඩා නමැත්තා සහ ඔහු සමග පැමිණි පිරිසකට , වාහනයකින් පැමිණ ඇති යමෙකු හෝ පිරිසක් විසින්Continue Reading

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩු කටයුත්තෙන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.ඒ අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්Continue Reading

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් ධානීෂ් අලි නමැත්තා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.මේ වන විට ඔහු කුරුදුවත්ත පොලීසිය භාරයේ පසු වන අතර, අද (27) පෙරවරුවේ ඔහුව අධිකරණය වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණා.31 හැවිරිදි කුරුණෑගල –Continue Reading

මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 10,500ක් වැය කිරීමට යෝජිත අතර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලබා ගැනීමට නියමිත යි. වී කිලෝවක් සඳහා මිල තීරණය කිරීමේ දී ගොවීන්ට හෙක්ටයාර එකකට වී වගාව සඳහා වැය වනContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටින කාලය තවත් සති දෙකකින් දීර්ග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව සිංගප්පූරුවේ ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත් වාර්තා කරනවා.ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත කියා සිටින්නේ, මීට සති දෙකකට පෙර පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂහිටපු ජනාධිපතිවරයා, සිංගප්පූරුව වෙත පැමිණීමේ දී ලබාගෙන තිබුණු කෙටිකාලීන සංචාරක බලපත්‍රය දින 14කින්Continue Reading

පුස්සැල්ලාව වහුගපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, එහි දී තේ කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.ඉන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.Continue Reading

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්, මේ දිනවල බහුල ව කතානහ කෙරෙන වඳුරු උණ රෝගය පිළිබඳ අදහස් කිහිපයක් ම දක්වා තිබෙනවා.එම සම්පූර්ණ විස්තරය පහතින්ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින්ද මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමත් සමග වෛරසය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත. පැපොල රෝගයට සමානContinue Reading

2024 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි දැනට සේවය කරන රුසියානුවන් ගෙන්වා ගැනීමටත් අලුතින් කිසිවෙකුත් එහි නො යැවීමටත් තීරණය කර ඇති බව යි ඔවුන් සඳහන් කළේ.අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයවන ප්‍රධානතම මධ්‍යස්ථානය වන මෙය ඇමරිකාවේ සහ රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනවා.කෙසේContinue Reading