හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ අපරාධයක් සිදුවූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති හෙයින් අදාළ ඉල්ලීමContinue Reading

පිටකොටුව බෝ ගස ඉදිරිපිට මහා සංඝරත්නය විසින් මීට සුළු මොහොතකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.Continue Reading

රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝජිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා යළි අවධාරණය කරයි. මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට ඊයේ (06) කැඳවා තිබූ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා කළ විමසීමකදී ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය. “අපි බලනකොට අපිට තේරුණා මෙතෙන කිසියම්Continue Reading

ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියනයක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇත.  දහස් ගණනක් සහන කඳවුරුවල රඳවා ඇතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මත දහස් ගණන් ජනයා ආහාර, ඖෂධ සහ පානීය ජලය ලබා ගැනීම වෙනුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබේ.  ඉන්දීය හමුදාව සහ ජාතික ආපදාContinue Reading

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාල නීති සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඇතුළත් පොද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉමිටියාස් බාකිර් මාකර් මහතා විසින් පොෟද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව, 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, 1988Continue Reading

ගාලු මුවදොර මහජන අරගලය ආරම්භ වී මාස 03ක් ගත වනවා ජුලි 09 වන දිනට. මෙම අරගලය නව මුහුණුවරකින් හෙට දවසේ ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබදව කරුණු දැක්වීම සදහා අරගල භූමියේදි අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවා තිබු අතර එහිදී අදහස් දැක්වු කොස්වත්තේ මහානාම හිමි, “ගාලු මුවදොර මහජන අරගලය ආරම්භ කරලContinue Reading

ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය පවසයි. මේ අතර කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.Continue Reading

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරු වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. දුම්රිය අවලංගු කිරීමෙන් එම දුම්රිය ස්ථානවලට රොක්වන ජනතාව කුපිත වීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කී කසුන් චාමර මහතා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එමContinue Reading

ජනතාව පෙළෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව මේ වනවිට නොයෙක් කුමන්ත්‍රණ දියත් කරමින් බියගුළු ලේ වැකි ක්‍රියාවලියකට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අනතුරු ඇඟවීය. ඊයේ (06) පෙරවරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙයට අදාල සාක්ෂි සහිතව ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කළේය. පොලිස්පතිවරයා ආරක්ෂකContinue Reading

මුදල් අමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට ඇමැති ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රකාශ කර ඇති බවට පුවතක් ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරක් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වට්ස්අප් පණිවුඩයක් ද ලැබී ඇති බව හර්ෂ දContinue Reading