හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.Continue Reading

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය. ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊContinue Reading

ආපදාවට ලක්ව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. ඉන්දියානු ධීවර යාත්‍රාවක් පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර ඇත. ඒ අනුව නාවික හමුදාවේContinue Reading

ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායලය විසින් එම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය. ඉරානයේ සහාය ලබනContinue Reading

ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට සමත්ව තිබේ. ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක අනුරාධ, පොලිස් කොස්තාපල් 99177 ලක්ෂාන් හා පොලිස් කොස්තාපල් 105320 විජේසිංහContinue Reading

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණි. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබුණි. විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහContinue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මsන් බෙදාහරිනුContinue Reading

බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය 03 වන දා දහවල් 12.05ට පමණ සිසුන් තිදෙනෙකු සමග පැමිණි 11 ශ්‍රේණියේම සිසුවෙකුContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුContinue Reading

කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. ඔවුන් ළඟ තිබී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 673 පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 37 ක් සහ 49ත් වනContinue Reading