පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක අංශ මුරපොළකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් Tehreek-e-Taliban Pakistan නම් ත්‍රස්ත කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

හබරාදූව, මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරුපැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ගැටී ඊයේ (24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් තිබේ. මියගිය පුද්ගලයා අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පැදිකරු බරපතළ තුවාල ලබා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවෙයි.Continue Reading

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් පොලිස් ස්ථානය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවය. බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවටContinue Reading

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීමContinue Reading

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිළි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය. ඒ අනුව අදාළContinue Reading

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරුContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ. අද පෙරවරු 09.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්ය.Continue Reading

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ස්ථාන කිහිපයකට අද (24) අළුයමදී සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් නිවේනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. ඒ හේතුවෙන් නිල්වලා ගංඟා ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇත. මේ පිළිබඳContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න – ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ? “දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.” කාරණාව දන්නේ නැද්ද ? “කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනාContinue Reading

ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරියා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඒ, විමර්ශන කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් පැමිණීමට රුපියල් 20,000ක ඉන්ධන ලබාදෙන ලෙසට සිදුකළ අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.Continue Reading