එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැහැදිලි කළේය. නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වීContinue Reading

වසර 105කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් සුදුසුකම් ලබා තිබේ. එම අවස්ථාව හිමිවී ඇත්තේ පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ ට ය. මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපන් උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. උන්වහන්සේට දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සහ ශ්‍රී ලංකාවට සුවිශේෂීContinue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි. සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල්Continue Reading

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ඊයේ (04) රාත්‍රියේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කළ බවය. ඉන්දීය ධීවර යාත්‍රා 02ක සහ ධීවරයින් 14 දෙනා තලෛමන්නාරමContinue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණ තිබේ. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඔවුන් අද (05) අලුයම 02.55ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්Continue Reading

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තොරතුරු හෙළිකරමින් ඊට අදාළ විවාදය ආරම්භ කළේය.Continue Reading

මේ වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ රෝගීන් 1,084 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් සියයට 68ක් පමණ රෝගය තවත් අයෙකුට බෝකළ හැකි පුද්ගලයින් වන බව සඳහන්ය. එමෙන්මContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. “අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතුContinue Reading

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළContinue Reading

රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊයේ (03) රාත්‍රී සිදු වූ අනතුරකින් එම තරුණයා මියගොස් මිතුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව මහා ගෝනදුව කවටයාගොඩ පාර අංක16 නිවසේ පදිංචිවContinue Reading