ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ. අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශන නළයක සිදුකෙරෙන හදිසිContinue Reading

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් –Continue Reading

මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගා­ව­ලි­යට සහ­භාගී වී ලෝකයේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් අව­සන් දස­දෙනා (Top 10) අත­රට තේරී පත් වූ මේඝ සූරි­ය­ආරච්චි හට මේවන විටත් හොලිවුඩ් සිනමාවෙන් (Hollywood) ඇරයුම් ලැබී ඇතැයි වාර්තා වේ. පසුගියදා වියට්නාමයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් තරඟාවලියට එක්ව ඉකුත් 26වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළින් උප­න්බිම වෙත ඔහු පැමි­ණි­යේය.Continue Reading

ගල්කිස්ස මහා හෝටලයේ පැවති ABBA උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඊට සහභාගී වී රසවින්දනය සඳහා තාලයක් ඇති මිනිසුන් ලෙස එයට සහභාගී වූ බවයි. “ඇත්තටම මම ඒ ගැන කතා කරන්නContinue Reading

චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති සියල්ල පැවති ආණ්ඩුවල ඉල්ලීම් අනුව ඉදි කළ ඒවා බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන් හොන්ග් මහතා පවසයි. තානාපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනය නියෝජිත පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති හමුවකදීය.  මෙරට චීනContinue Reading

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම් කිහිපයකට හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම්. සූරියබණ්ඩාර මහතා පවසයි. විශේෂයෙන්ම උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මාර්ග රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව ඔහු පැවසීය. කොළඹ – රත්නපුර – වැල්ලවායContinue Reading

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද (29) උදෑසන පීලි පැන තිබුණි. අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන 11.10ට පමණ එම පීලි පැනීම සිදුව ඇත. මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ දුම්රියේ එංජින් කොටසය. මෙම පීලිපැනීම නිසා දුම්රියContinue Reading

දීඝදන්තු 1 හස්තියාගේ හදිසි මරණයෙන් රටට වසරකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ඇතැම් විදේශීය සංචාරකයන් මෙම හස්තියා නැරඹීම සඳහා විශාල දුරක් ගමන් කරමින් පැමිණෙන බවයි. කැකිරාව කලාවැව, බළලු වැව, හොරපොළ ප්‍රදේශවල මෙම හස්තියා ජීවත් විය.Continue Reading

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම්කළ ලෙස පාකිස්තානයේදීම පවත්වනවාද, නැතහොත් විකල්ප ස්ථානයක් ඒ සඳහා යොදාගන්නවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (29) රැස්වීමට නියමිතව ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානට ගොස් ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදයට තුඩු දී තිබේ. ඒ හේතුවෙන් මේContinue Reading

ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධContinue Reading