පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රමContinue Reading

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවියContinue Reading

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දීContinue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් (22) කොළඹ දී සිදුවිය. මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsiaryna Svirydzenka මහත්මිය, නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිකල් මහත්මිය සහ දේශීය ආර්ථික විශේෂඥවරියක්Continue Reading

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද තොරා පත්කරගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2024 නොවැම්බර් 20 වනදා මෙම තෝරා පත්කර ගැනීම සිදුකර තිබුණි.   ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරඟ කළ ශ්‍රී ලංකාව, ඡන්ද 177ක් ලබාගැනීමට සමත් විය. මෙම ඡන්දContinue Reading

හැමදේටම විරුද්ධවෙන ක්‍රමය වෙනස් කර ප්‍රබුද්ධ සම්ප්‍රදායක් පාර්ලිමේන්තුව තුළ ඇති කළයුතු බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදුටු අවස්ථාවේදී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය. සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (22) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙනContinue Reading

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ. නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේContinue Reading

අද (22) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබේ. ගාල්ලේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී එලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත. මේ හේතුවෙන් උදෑසන ධාවනය වන දුම්රියන් ද ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.Continue Reading

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය.  ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවContinue Reading

අපරාධ නිවාරණ රාජකාරියේ යෙදීසිටි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස, බඩෝවිට පාලම අසල සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු වයස අවුරුදු 29ක් වන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 150ක්ද සිය සන්තකයේ තබාගෙන සිටි බව පොලීසිය පවසයි. මෙමContinue Reading