ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශකරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ලකර තිබුණි. පසුගිය මස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන වෙතContinue Reading

සුරියවැව, වැවේගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) දිනයේ මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හාContinue Reading

සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්වContinue Reading

ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇතිContinue Reading

ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වනවිට නතර කර තිබේ. වර්ෂාව ඇඳහැලෙන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසාContinue Reading

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද (20) පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී පැවැත්වේ. තරගය  රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ. ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වනContinue Reading

ලබන 22වැනිදා ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිංහිදී පසුගියදා පැවැත්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් සංවිධාන කෙරුණු එම සංවාදයේ තේමාව වූයේ, “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක්Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (10) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.  අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙකContinue Reading

උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර වන බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එල්ල වූ බරඅවි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණයක් විනාශ වීContinue Reading