අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එසේම නිරිත දිග මෝසම් තත්ත්වයContinue Reading

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවය.Continue Reading

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග මාර්ගය අවහිර වීමෙන් වාහන තදබදයක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය. අනතුරින් වාහන කිහිපයකට ද හානි සිදුව ඇත. කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේContinue Reading

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවContinue Reading

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතිනු ඇති  බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිContinue Reading

2022 වසරේ ඇරඹි රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම රුසියාවේ වෙනත් රැකියාවන්හි නිරතවූවන්ද එක්ව ඇති බව මේ වනවිටත් තහවුරුවී තිබේ. එලෙස එහි යුද පෙරමුණේ සිටින කිහිපදෙනෙකුම “අද දෙරණ” අමතමින් තමන් මුහුණදෙන කටුක අත්දැකීම් මෙලෙස පැහැදිලි කළහ. රුසියාව යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකික සෙබළෙක්, “ඩ්‍රෝනවලින් බොහොමContinue Reading

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු විය. ඒ අනුව එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇතිවී තිබේ.  එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙයි. එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතුContinue Reading

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතය. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.Continue Reading

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි. කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුටContinue Reading

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත්  ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.  හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි. වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇත.Continue Reading