අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.Continue Reading
දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
අද (21) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි. කොළඹ – 60%ගම්පහ – 62%කළුතර – 60%මහනුවර – 65%මාතලේ – 68%නුවරඑළිය – 70%ගාල්ල – 61%මාතර – 64%හම්බන්තොට – 60%යාපනය – 50%කිලිනොච්චිය – 56%මුලතිව් – 57%වව්නියාව – 62%මන්නාරම – 60%රත්නපුර – 60%කෑගල්ල – 60%මඩකලපුව – 35%අම්පාර – 60%,ත්‍රිකුණාමලයContinue Reading
ඡන්දෙ ගණින රාජ්‍ය නිලධාරීන්ට රෑ කෑම නෑ, දිස්ත්‍රික්ක රැසකින් දැනුම් දෙයි
සැප්තැම්බර් 21 අද පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු ඡන්ද ගණන් කිරීමේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට රාත්‍රී ආහාරය ලබා නොදෙන බව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල විසින් එම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, තමන්ට අවශ්‍ය ආහාර රැගෙන එන ලෙස එම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. රාජ්‍යContinue Reading
බිහිසුණු බස් අනතුරක්
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) සවස කුඹුක්කන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ. අනතුරින් මේ වන විට පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.Continue Reading
නවසීලන්ත පළමු ඉනිම නිමාවෙයි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (20) දිනයේදී නවසීලන්ත ඉනිම ලකුණු 340කට සීමා කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. අද උදෑසන තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක පසුවුවද, ඉනිමට තවත් ලකුණු 85ක් පමණක්Continue Reading
ඡන්දෙට අද පෙරහුරුවක්
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භවී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බවය. ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබේ. අද දහවල් 12 පමණ වනවිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන්Continue Reading
මැතිවරණ දිනයේ මේවා කරන්න ගියොත් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්
ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනContinue Reading
ලෙබනනය බියෙන් සලිත වෙයි
දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අඟහරුවාදා සිදුවූ පේජර් පිපිරීමෙන් 12 දෙනෙක් මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුණි. එසේම ඊයේ (18) වාර්තා වූ වෝකීටෝකි යන්ත්‍ර පිපිරීමෙන් 20 දෙනෙක් මියගොස් 500කට ආසන්න පිරිසක්Continue Reading









