රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතය. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.Continue Reading

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි. කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුටContinue Reading

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත්  ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.  හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි. වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇත.Continue Reading

ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.  ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක්Continue Reading

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.  ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවේ. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිContinue Reading

නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. කිලිනොච්චිය, නගර්කෝවිල් හා කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු  මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් මඟින් සැකකරුවන් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.  එහිදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතක්, මුහුදු කූඩැල්ලන් 400කContinue Reading

ඉතාලියේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (18) සමත්ව තිබේ. ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.21ක් ලෙසය. එම තරගයේ ප්‍රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාබී ජැකොබ් මාර්ෂල් විසින් හිමිකර ගෙන තිබුණි. ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.07ක් ලෙසයි. තත්ත්පර 10.00ට අඩුවෙන් යුපුන් අබේකෝන්Continue Reading

15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම උසස්වීම් සිදුකර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසුනිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇත. රණවිරු අනුස්මරණ දිනය යේදී තිබෙන අද (19)Continue Reading

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බව වාර්තා වෙයි. චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවකි. පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇයContinue Reading

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂකContinue Reading