ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති  අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී (19) අපවත් වී තිබේ. උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතුContinue Reading

කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් මෙලෙස ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස්Continue Reading

ලංකාවේ ජනගහනයෙන් 40%ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ විනාශයට වගකිව යුත්තේ වසර 76ක් රට විනාශ කරපු දේශපාලනඥයෝ. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්‍ෂකයන් අනිසි ලෙස වියදම් කරන මුදල් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව සඳහා යොදවන ලෙස තමා ඉල්ලා සිටින බව මෙවර ජනාධිපතිවරණයට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නායක ස්වාධීන අපේක්ෂකයකු ලෙස කෝප්පයContinue Reading

මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) දහවල් වටලා තිබේ. අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබූ බවත් පොලීසිය පවසයි. වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවෙකු කුෂ් මත්ද්‍රව්‍යContinue Reading

ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ. අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන්Continue Reading

තමා කාගේවත් කුලී කොන්ත්‍රාත්කරුවකු නොවන බව ජනපති අපේක්ෂක හිටපු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර සිටියේ පසුගියදා මහරගම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග පැවති හමුවකදීය. මෙම හමුව මහරගම ශ්‍රීලනිප සංවිධායක සමන් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රාජපක්ෂ මහතාContinue Reading

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ  ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.  මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවය. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන්Continue Reading

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය.Continue Reading

කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.Continue Reading