2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය, පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්වී තිබේ. මේ සමග කමලා හැරිස් අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු දේශපාලනඥවරිය බවට ද පත්වී ඇත. ඒ අනුව ඉදිරි දිනකදී කමලා හැරිස් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්‍රටික්Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.Continue Reading

පැතුම් නිස්සංක ඊයේ (02) පිතිකරණයේ යෙදෙන අයුරු අනුව තමාගේ සැලසුම සාදාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පැවසීය. ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, “මැච් එක පටන් ගන්න කලින් සනත් සර් අපිට කියලා තිබ්බේ විකට් එක ටිකක්Continue Reading

වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය. මෙම සිද්ධියContinue Reading

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය. තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.Continue Reading

පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (02) ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වයෝවෘද්ධ අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි. මෙම අනතුරින් පාසල් දැරියක් ද සුළු තුවාල ලබා ඇතැයි සඳහන් ය. අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 හා 74 වියේ පසුවන අඹු-සැමි යුවළකි. අඹුසැමි යුවළ නිවසේContinue Reading

දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.  මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් ගැඹුරින් මෙමContinue Reading

රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ. එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය වාර්තා අතරට එක්ව ඇත්තේ, ශීත යුද්ධයෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර සිදුවූ විශාලතම සිරකරුවන් හුවමාරුව ලෙසය. තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළේදී සිදුවූ සිරකරු හුවමාරුවේදී රුසියාව සිරකරුවන් 16 දෙනෙකුContinue Reading

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ.  කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.  දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.Continue Reading