ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී මෙම කරුණුContinue Reading

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් වැඩිදුර විභාගය සඳහා ලබන මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන ප්‍රණීතා එන්. වර්ණකුලසූරිය සහ  දෙව්ෂාන්Continue Reading

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණි. ඒ අමෙරිකාව පරාජය කරමිනි. මෙය සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගය විය. එම තරගයේ කාසියේ වාසිය දිනු අමෙරිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුවContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රීContinue Reading

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත භාරදී තිබේ. එම වාර්තාව ලැබුණු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව මෙලෙස වැටුප් වැඩිකර ගැනීමක් සිදුනොකළ යුතුව තිබු බවට අදාළ වාර්තාව මගින් පෙන්වාContinue Reading

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය. 2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50කි. තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවනContinue Reading

ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි කොටස් වටිනාකම ඊයේ (18) ඉතිහාසයේ වැඩිම අගය වාර්තාකර තිබුණි. එම සමාගමේ කොටසක වටිනාකම ඊයේ 3.5%කින් ඉහළගිය අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසට ය.මේ මස ආරම්භයේදී Nvidia සමාගම, ඇපල් සමාගමේ වටිනාකම අභිබවා ගියේය.කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙනContinue Reading

වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය. රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යාContinue Reading

එස්ටෝනියා කණ්ඩායමේ සාහිල් චව්හාන් ලොව වේගවත්ම T20 ශතකය රැස්කළ ක්‍රීඩකයා බවට පත්විය. ඒ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී සිය ශතකය වාර්තා කරමිනි. මීට පෙර ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කර සිටියේ නැමීබියාවේ Jan-Nicol Loftie Eaton ය. ඔහු පන්දු 33කින් සිය ශතකය වාර්තා කළේය. ඔහුගේ ලෝක වාර්තාව පැවතියේ මාස 4ක් පමණි.Continue Reading

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවත් එම තීන්දුවේ සඳහන්ය. එමෙන්ම එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත්Continue Reading