බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (12) රාත්‍රී 09ට පමණ කාන්තා මළසිරුර හමුවී ඇති බවය. වයස අවුරුදු 30ක පමණ වන කාන්තා සිරුරක් එලෙස මුහුදු වෙරළට ගොඩගසා ඇති බවත් ඇයගේ අනන්‍යතාව පිළිබඳව කිසිඳු තොරතුරක් හෙළිවී නොමැති බවත් පොලීසිය පවසයි.Continue Reading

මට්ටකුලිය ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවය.  අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.Continue Reading

කොරෝනා වසංගතය සමයේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන්ම ප්‍රෝටීන මත පදනම් වූ නොවැක්ස් කොවිඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනය අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා බවට පත්වී තිබේ. දැන් ඔවුන් කොවිඩ් එන්නත්වලින් ඔබ්බට ගොස් තවත් රෝගවලට එන්නත් ගවේෂණය කිරීමේ නිරත වෙයි. සීරම් ආයතනයේ ප්‍රධාන විධායකContinue Reading

නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අදාළ උසස්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි 29 වනදා සිට බලපැවැත්වෙන ලෙස සිදුකර ඇත. ධනපාල මහතා මේ වනවිට පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරයිContinue Reading

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත. ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගියContinue Reading

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ ඉදිකොට තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ කටයුතු දින දෙකකට ආසන්න කාලයක සිට සිදු කරමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති විසින් කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කොට ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයContinue Reading

මහියංගණය දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට ඊයේ 10දා රාත්‍රී 12.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එම කාමරයේ ජනේලයේ වීදුරු බිදී ඇත. කුකුලාපොල ගම්මානයේ සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් ඊට විරෝධතාව දැක්වීම හේතුවෙන්Continue Reading

කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කෙරුණු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක්Continue Reading

සෙල්ලපෙරුම ආරච්චිගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර  සලිඳු නැමැත්තා මීට සුළු මොහොතකට පෙර පානදුර අධිකරණ භූමියට රැගෙන එන ලදී. පානදුර අධිකරණයේ අද විභාග වන නඩුවක් සඳහා ඔහු ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන ආContinue Reading

ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව සිය ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (10) මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත පරීක්ෂණ ආරම්භ කළ බවය. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව ඇති අතර, ඊයේ මියගිය කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන එ්මට ස්වාමිපුරුෂයාගේ නිවසටContinue Reading