ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි. මේ අතර සැප්තැම්බර් මාසය සඳහා ආහාර උද්ධමනය සඳහන් වූයේ -5.2ක් ලෙසටය.Continue Reading

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය. එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය. දත්ත එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ පරිගණකගත කිරීමට ඇතැයි  විභාග දෙපාර්තමේන්තුව පවසයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයContinue Reading

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි.   මේ අතර ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා තිබේ.Continue Reading

වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් ඇත. ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබුණි. පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේContinue Reading

අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය දContinue Reading

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ. කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.Continue Reading

හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු  ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන  ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. දෙවිනුවර ධීවර වරාය ආසන්න මුහුදේ දී ඔහුContinue Reading

වන සතුන් ගෙන් වගාවලට සිදු වන හානි ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රිළවා, මොනරා සහ දඬුලේනා යන සතුන් ගෙන් සිදු වන හානි ඉහළ ගොස් ඇති බව‍යි. වන සතුන් ගෙන් සිදු වන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවිජනතාව වෙත වායු රයිෆල් බෙදා දීමේContinue Reading

පවතින වැසි සහිත කැලෑගුණික තත්වයක් සමග ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි.  ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඩෙංගු මර්ධන වැඩ සටහනේ දත්ත වාර්තා සඳහන් කරයි.Continue Reading

පුනරුත්ථාපනය වී මීට දින හතරකට පෙර නිදහස් වූ පුද්ගලයකු කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගය දක්වා පාලම් යට ස්ථාපිත කර තිබෙන විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී  අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානය කියයි. එම සැකකරු සමඟ එලෙස කපන ලද කම්බි කිලෝContinue Reading