ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පිටත් කර යවා ඇති බව සඳහන්ය. කොළඹ ගිනි නිවන ඒකකය මේ බව නිවේදනය කරයි.Continue Reading

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට ද සාකච්ඡා වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.Continue Reading

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිටContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක. ඌව සහ නැඟෙනහිර පළාත්වල සහ පොලොන්නරුව,Continue Reading

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර අද (06) පැවති තරගයෙන් ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය. නමුත්Continue Reading

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට, ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත පළමු තරගය මඟ හැරෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ශුබ්මන් ගිල්ට ඩෙංගු වැළඳීම හේතුවෙන් මෙසේ ඔහුට පළමු තරගය අහිමි වනු ඇත. ඒ අනුව ඉශාන් කිෂන් හෝ කේ.එල්. රාහුල්, නායක රෝහිත ශර්මා සමඟ ආරම්භක පිතිකරුවන් ලෙසContinue Reading

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.  ඒ අනුව එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) මෙම නියෝගය ප්‍රකාශයටContinue Reading

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය. කොළඹ සිට දෙනියාය බලා අද (06) අලුයම ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වීContinue Reading