අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 394ක් සමඟ පුද්ගලයෙකු උයිලන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන්Continue Reading

පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) ප්‍රකාශ කළේය. අනෙකුත් වගාContinue Reading

පොහොය දිනයක් වන හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙනු ඇත. Continue Reading

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. නොරොච්චෝලය පොලීසිය විසින් ඊයේ (28) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි සේතපොළ, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 26 වනදා නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්Continue Reading

මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය. යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල්Continue Reading

යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් අප්පුදුරෙයි මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් අදාළ තුන් නිවුන් දරු උපත සාර්ථකව සිදුකර තිබේ. දරුවන් හා මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවදContinue Reading

වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී තිබේ. මෙම වෙන්දේසිය ඊයේ (26) සවස පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙනි. වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසින් එම අඹ ගෙඩිය මිල දී ගත් බවය “ කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල්Continue Reading

පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 1988 අංක 30Continue Reading

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි. පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ. තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලිContinue Reading

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත. බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදීContinue Reading