ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. එමContinue Reading

මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ජංගම දුරකථනය උදුරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකුව අල්ලාගැනීමට අවට සිටි පිරිස් සමත්වී තිබුණි. සැකකරු 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු තරුණියගේ ජංගම දුරකථනය උදුරාගැනීමත් සමග ඇය කෑගසමින් උදව් ඉල්ලා තිබේ.  ඒ අනුව අවට සිටි පිරිස් සැකකරුව අල්ලාගැනීමට සමත්වූ අතර පසුව ඔහුව පොලීසියට භාරදී තිබුණි.  නුවරඑළිය බස්Continue Reading

නවසීලන්ත තරග සංචාරයට එක්වන විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කර තිබේ. මේ අතර කලකට පසුව ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළි විස්සයි විස්ස සංචිතයට නම්කර ඇත .Continue Reading

මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත. දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීමContinue Reading

මොනරාගල  බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත. සැකකරු  දැරිය නිදාගෙන සිටියදී පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙනගොස් තිබිණි. සැකකරු තිස්එක් වන වියෙහි පසුවන එම ප්‍රදේශයේමContinue Reading

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බවය. වත්මන් පොලිස්පතිContinue Reading

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පලකරමින් රටවල් 197ක් ලෝක පාපන්දු සම්මේලනමහා සභා රැස්වීමේ දී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර දී මෙම රැස්වීම පැවැත් වුණා. මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම වැනිContinue Reading

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. අදාළContinue Reading

බස්නාහිර,සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි හා තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමටද කටයුතු කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ. මඩකලපුව,අම්පාර හා අහම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේ වෙරළබඩContinue Reading

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.  මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීContinue Reading