මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.Continue Reading

නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම සිදුකර තිබුණි. ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහContinue Reading

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන  පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ මේ මොහොතේ විරෝධතාවයක නියැලී සිටිති. මොවුන් විරෝධතාවයේ යෙදී සිටින්නේ මාර්ගයේ පසෙක එක පෙළකට හිටගෙනය. මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනුද  දැකගත හැකිවිය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සවස 6.45 ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.Continue Reading

75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ. අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.Continue Reading

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල විරෝධතාවේ නිරතව සිටි පිරිසක් විසුරැවා හැරීම සඳහා ඊයේ (03) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් ඊයේ පස්වරුවේ සිට එල්ෆින්ස්ටන් රඟහල ඉදිපිට විරෝධතාවයේ නිරත විය. පසුව උසස් පොලිස් නිලධාරියෙකු පැමිණ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ට දැනුම් දුන් අතර ඒ සමඟ එම ස්ථානයේContinue Reading

75 වන නිදහස් දිනය සමරන වර්තමානයේ ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඔහු පවසන්නේ මෙම අභියෝග ජය ගැනීම ස‍ඳහා නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවය. 75 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාContinue Reading

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබාදුනි. මානව හිමිකම් කොමිසම විසින්Continue Reading

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන  ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්  සභාව කල් තබන අවස්ථාවේ විවාදයක්   ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා  සිකුරාදා දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේContinue Reading

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත. ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම  සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලටContinue Reading