පානදුර කළුදෑවල ප්‍රදේශයේදී  ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටගත් බව පානදුර පින්වත්ත පොලීසිය පැවසීය. සැකකාර එක් සහෝදරයෙකුගේ සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5,100ක් පොලිස් භාරයට ගෙන ඇත. ත්‍රිරෝද රථ රියදුරු මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බිරිඳව රෝහලContinue Reading

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි. ලිට්‍රෝ ගෑස්මිල සංශෝධනය කිරීමෙන් පසු සිය සමාගමේ ගෑස් මිල ගණන් ද සංශෝධනය කිරීමට නියමිත බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය.  ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමContinue Reading

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවය.Continue Reading

අද (04) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසයි. ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. එම සාක්ච්ඡාවට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පැවසුවේ ආණ්ඩුව තම ඉල්ලීම්වලට සවන් නොදුනහොත් වැඩ වර්ජනවලින්Continue Reading

විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණයට ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව කාණ්ඩContinue Reading

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අතිරේකව රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ වනවිටත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කර ඇත. ඒ අනුව මහ කන්නයේ වී ඇස්වැන්න මිල දී ගැනීම සඳහා වෙන් කර ඇති මුලු මුදල රුපියල් බිලියන 13කි.Continue Reading

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය. ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. ලෝක වෙළෙඳපළේContinue Reading

කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කෙරුණි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.Continue Reading

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.  අද (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා, “දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ.Continue Reading

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කොටස් වෙළඳපොල වෙත දන්වා ඇති යෝජනාව ඉවත් නොකිරීම හේතුවෙන් අද (03) දින ටෙලිකොම් සේවකයින් වැඩවර්ජනයක සහ විරෝධතා උද්ඝෝෂණයක නිරත වේ. දිවයින පුරා ටෙලිකොම් ශාඛා සේවකයින් සහ ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹ ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන්Continue Reading