මේ දූෂිත ආණ්ඩුව පන්නන්න සැලසුම් හදලා ඉවරයි. අපි දිනය වේලාව කියන්නම් සූදානමින් සිටින්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (29 දා) පස්වරුවේ පානදුරේ දී පැවසීය. ‘ආණ්ඩුව පන්නමු – පාරට බහිමු’ යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් එදින පස්වරුවේ පානදුර නගරයේදී පැවැත්විණි.Continue Reading

උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන රාජස්ථාන් ප්‍රාන්තයේ ‘උදයිපුර්’ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් හින්දු ජාතිකයකු මරා දමා එම සිදුවීම රූපගත කර අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රාන්තයේ හින්දු හා මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම් හටගෙන තිබේ. රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර හින්දු ජාතිකයන් විසින් අදාළ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සමගම නීතිය හා සාමය ආරක්ෂාContinue Reading

යුක්රේනයේ ක්‍රෙට් චුංකි සාප්පු සංකීර්ණයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 18ක් මරුමුවට පත් වී ඇත.  තවත් 40කට බරපතළ තුවාල සිදු වී තිබේ.  මෙම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එහි 1000කට අධික පිරිසක් සිටි බව යුක්රේන ජනපති ව්ලැඩමිර් සෙලෙස්කි පැවසීය.  මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපති පැවසුවේ අවි ආයුධ කම්හලකට ප්‍රහාර එල්ලContinue Reading

මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලෙහි පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබලෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි ඊයේ  (30) සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ වලමණ්ඩිය කැලෑ ප්‍රදේශයේ දී පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක් වී තිබෙයි මෙලෙස මිය ගොස්Continue Reading

ජර්මනියේ මියුනිච් හි පැවැති ජී- 7 සමුළුවට සහභාගීවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණීම එරට වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව සිය සතුට පළ කර ඇත.ඉන්දීය ජාතිකයින් ලෙස අපගේ රටේ නායකයාගේ පැමිණීම අපට සිදු කළ ගෞරවයක් යැයි ඔවුහු පවසති.අගමැතිවරයා මියුනිච්හි හෝටලයට පැමිණි විට ඉන්දීය ඩයස්පෝරාව භාරත් මාතා කී ජායි තේමා පාඨය ගායනා කරමින්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා ආසාදනය වී තිබේ. ඊයේ දිනයේ සිදුකරන ලද කොරෝනා පරීක්ශාවකදී මේ බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබේ. Continue Reading

ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ අගය වසර 2025 වන විට අමෙරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව රටවල් පහ ඇතුළත් ‘බ්‍රික්ස්‘ සන්ධානයේ පසුගියදා පැවැති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. චීනයේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැති බ්‍රික්ස්Continue Reading

අද දිනය තුළ දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි ඉන්ධන ගැටලු නිසා සේවකයන්ට රාජකාරියට පැමිණීමට නොහැකි වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙලෙස අවලංගු කළ දුම්රිය අතරට කාර්යාල දුම්රිය කිහිපයක් ද ඇතුළත් වෙයිContinue Reading

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ජොස් බට්ලර් පත්කර තිබේ. එම කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.Continue Reading

ශ්‍රී ලංකාවට විස්තීර්ණ අරමුදල් සම්පාදනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව එහි නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළා. දස දින සංචාරය නිම කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනෙන් නික්ම යාමට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට බළධාරින් සමගContinue Reading