ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්ය. භූ කම්පනයෙන් සිදුවුContinue Reading

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවය. මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක්Continue Reading

හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.  අද අලුයම එකත් දෙකත් අතර කාලයේදී හොරණ කුඹුක ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇත. පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා වෙඩිතැබීම සිදුකර ඇති බවටContinue Reading

අපේ රටේ දක්ෂ ආදරණීය පුංචි කලා තරුවක් තමයි වොල්ගා කල්පනී කියන්නේ ඇය අපේ රටේ ටෙලි නාට්‍ය රැසකම සිය රංගන දායකත්වය ලබාදී තිබෙන අතර ඒ සියල්ලක්ම ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගෙනයි තිබෙන්නේ. ඉතින් හුරුබුහුටි වොල්ගා කල්පනී විවාහ දිවියට පත් වන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගෙ සමගයි. නමුත් ඔවුන්ගේ විවාහContinue Reading

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණිContinue Reading

පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඊයේ (15) රාත්‍රි කාලයේ ගිරිඋල්ල පොලිස් වසමේ උදියාවල ප්‍රදේශයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 41 හා 39 වයසවල පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඉන් එක් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයෙක් බව පොලීසියContinue Reading

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙලිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටවනු ලැබීය. ඒ අනුව එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදිContinue Reading

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ. පොලීසිය පැවසුවේ ඊයේ (15) දින එම අනතුර සිදුව ඇති බවය. රාගල, සමගිපුර ප්‍රදේශයේදී රාගල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවත ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් බරපතළ තුවාලContinue Reading

නිල නිවසේ සිවිලිම අස්සේ ගංජා පාර්සල් තොගයක් සඟවාගෙන තබාගෙන සිටියේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතාගේ එම නිල නිවස තවදුරටත් සෝදිසි කර විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් තිස්හතක් සහ විවිධ පොලිස් ස්ථාන වලින් තෑගි ලෙසContinue Reading

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිContinue Reading