තවත් පාසල් සිසුන් මිලියනක් සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම සඳහා පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. එහිදී වැඩිදුරටත් යෝජනා වී ඇත්තේ මේ සඳහා අවශ්‍ය අරමුදල් විදේශීය ප්‍රදානයන් මගින් සපයා ගැනීමටය. මේ වනවිටත් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 4ක පමණ වියදමකින්Continue Reading

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිතය. Continue Reading

ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතනයන්හි 2023 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් මස 1 වනදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වූ කාලයේ දී ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට හැකියාව පවතී. මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ්Continue Reading

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද (04) ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුකර තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතය. එහි සාමාජිකයින් පහතින්, ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading

2023 වර්ෂය සඳහා මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634ක් වශයෙන් හා මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245ක් වශයෙන් රජය විසින් ඇස්තමේන්තුගතකර තිබේ. ඒ අනුව 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට්Continue Reading

රජය සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ද සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්‍යවසායයන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත. ඒ අනුව 2023 ජනවාරි මස 1 වනදාContinue Reading

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් මහතා සඳහන් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය මේ වනවිට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළැඹී ඇති බවත්, එය සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමුකරමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, පසුගිය දා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් ප්‍රකාශ මගින් ද එවැනිContinue Reading

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු වේ.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල  සිට  හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර්Continue Reading

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බවය. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එම අදහස් පළ කළේය.Continue Reading