පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව තමාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. පාස්කුContinue Reading

දුම්රිය නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවය.Continue Reading

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ගැටලුව විසඳීමට තමන් කළ යුතුදේ කිරීමට සූදානම් බව ජපානය පවසයි. එම ගැටලුව විසඳීමට අනෙක් ණයහිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද මැදිහත් වියයුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය. ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ඒ බව පැවසුවේ පිලිපීනයේ මැනිලා නුවර දී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

වසර 3ක් දක්වා පැරණි විද්‍යුත් වාහන නැවත ගෙන්වීමේදී බදු සහන විශමතා ඉවත්කිරීමට කඩිනමින් කටයුතු කළයුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.  එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අද දෙරණට මේ බව පැවසීය. එසේම වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනා පිළිබඳවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.Continue Reading

රන්භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් පේරාදෙණිය, පිළිමතලාව සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටී. ඔවුන් වයස අවුරුදු 17ත් 50ත් අතර වයස්වල පසුවන බව පොලීසිය වැඩිදුරටත් පවසයි. කුලියට නිවසක් ලබාගන්නා මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේContinue Reading

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි. ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය සමග වයෝවෘද්ධ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ 15 බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය 63හැවිරිදි වියේ පසුවන මාදම්පිටිය පාර කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙහිදී සැකකාර වයෝවෘද්ධ කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යContinue Reading

කිසිදු සාක්ෂියක් නොතබා සිදුකළ පියපුතු ඝාතනයක සැකකරුවෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික හමුදා සෙබළෙකි. ඝාතනයට ලක්වී තිබුණේ කරුණාරත්නගේ රාජා නම් 47 හැවිරිදි පියෙකු සහ ඔහුගේ පුතෙකු වන 21 හැවිරිදි රංජිත් කුමාර නමැති තරුණයෙකි. ඝාතනයට ලක්වූ කරුණාරත්නගේContinue Reading

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවය. මේ අතර අද දිනයේ වයඹ පළාතේත් වැසිContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. බිලියන 127.31 මුදලක් සම්පාදනය කර ගෙන තිබේ. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල මුළු වටිනාකම රු. බිලියන 145 කි. 2025,2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම බැඳුම්කරContinue Reading