මෙවර මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු අද (28) ආරම්භ විය. ලෝක බැංකුවේ ණය පහසුකම යටතේ 2022 /2023 මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ වරායට ළඟා විය. මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදීගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුවContinue Reading

ජනතාවට සාධාරණයක් ඉටුවන අයවැයක් රජය විසින් ඉදිරිපත් නොකළහොත් එයට විරුද්ධ වන බව නිදහස් ජනතා සභාව පවසයි. අද (28) පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ මේ වනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක්වී සිටින ජනතාව ඉන් මුදාගැනීමට හැකි අයවැයක් රජය විසින් ඉදිරිපත් කළ යුතු බවය.  2023 සඳහාContinue Reading

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සහ තියුණු ආයුධ කිහිපයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මතුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම නගරය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම අවිආයුධ සමග මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් අවුරුදු 23ත් 40 අතර වයස්වල පසුවන දොඩංගොඩ,මතුගමContinue Reading

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් මස 03 වනදා සිදුකිරීමට නියමිතව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී. IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපතිContinue Reading

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාවContinue Reading

අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ 65 හැවිරිදි වියේ පසුවෙයි. ඔවුන් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුගියදා මෙම යුවල සුපුරුදුContinue Reading

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය.  පළමුවරට පසුගිය අප්‍රේල් මාසයේදී ElonContinue Reading

විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. රන්ජන් රාමනායක ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ. කටුනායක සිට කටාර්Continue Reading

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබයි. ඒ අනුව අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළContinue Reading

රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය ගෙනයන ජාතික වැඩසටහනට ගමේ පන්සලත් අනිකුත් ආගමික සිද්ධස්ථානත් එක්වීම වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මාදිවෙල, කේතුමතී විහාරස්ථානයේ සහ පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන්වලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගමේ පන්සල සහ අනිකුත්Continue Reading