ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම කාන්තා රැඳවුම්  මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවද ඇය සඳහන් කළාය. ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මකContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළමු පියවර ලෙස ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර,පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ගContinue Reading

තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ  අභ්‍යන්තරයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී  ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන්  බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවද  ඔහු සඳහන් කළේය. දේශප්‍රිය මහතා මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹදී සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගිContinue Reading

රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවී තිබේ. එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා එලෙස මුදල් කොල්ලකා පළාගොස් ඇත. පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් දෙදෙනා කුඩා ගිනිඅවියක් වැනි ආයුධයක් සහ පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවය. එය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ ආරක්ෂකContinue Reading

රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව  යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානුContinue Reading

රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී   දවස පුරා විවෘත  කෙරුණු  පාර්ලිමේන්තු සභා ගර්භයට( Parliament Chamber) පිවිසෙන ප්‍රධාන දොරවල් නැවතත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මේ අනුව ලබන සතියේ ආරම්භක රැස්වීම් දිනයේ සිටම එම දොරවල් වසා තැබෙනු ඇත. කොරෝනා පැතිරීමත් සමග වෛද්‍ය නිර්දේශ මත මෙම දොරවල් රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදීContinue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ බිල්ලන් මවමින් සිටින ආණ්ඩුව වහා කළ යුත්තේ ලංකාව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස් කරගැනීම බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසති. එතුමන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ආධාර හා ණය ලබා ගැනීමේදී අදාළ සංවිධාන පිළිබඳ ගුණ වර්ණනා කිරීමටත්,Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී  ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු  ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන්Continue Reading

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ( අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ( අක්කර 500යි) කුරුණෑගල නිකවැරටියContinue Reading

මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ “ඩී” පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේContinue Reading