දිවයිනට පැමිණි, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දි මේ වන විට පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතContinue Reading

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි. ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි. ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කරContinue Reading

පෝලියෝ රෝගය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අපජල සාම්පලවල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීම හේතුවෙන් එම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පෝලියෝ රෝගයට එරෙහි එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක් බලධාරින් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව්යෝර්ක්Continue Reading

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඒ සඳහා ලබන 17 වන දින බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිත බවය. මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව්මැඳුරේ ලබන 19 වන දින දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.Continue Reading

කුඩා දරුවෙකුගේ පාපැදිය සොරාගත් බවට සැකපිට යාබඳ නිවසක හිමිකරුවෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධිය වාර්තා වී ඇත්තේ, වේයන්ගොඩ, නාරංවත්ත ජය ශ්‍රී මාවත ප්‍රදේශයෙනි. ඊයේ (09) පස්වරු 4:30ට පමණ එම සොරකම සිදුකර ඇති අතර පාපැදිය සොරා ගෙන යන අයුරු අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. දරුවාContinue Reading

ගෙවුනු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09දා ඔහු මේ බව පැවසීය. මෙම තත්ත්වය බරපතල කාරණයක් බව ද ඔහු සඳහන් කළේය. ගෙවුනු මාස දෙක තුල විදෙස් ගතවුණු වෛද්‍යවරුContinue Reading

මෙම වසරේ ජූනි සහ ජූලි මාසවල රුපියල් 20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණි කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබේ. ඒ අනුව, ජූනි හා ජූලි මාස සඳහා වන පෝෂණ දීමනාව සැප්තැම්බර් මාසය තුළ දී ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව වාර්තා වේ. ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් තුළ ගර්භණිContinue Reading

ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හෙට (12) ආරම්භ වන අතර ඔක්තෝබර් 07 වන දින දක්වා එය පැවැත්වීමට නියමිතය. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ආරම්භContinue Reading

වැල්ලම්පිටිය, මෙගොඩ කොළොන්නාව වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයක් පණ ගැන්වීමත් සමගම එකවරම ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් සිටි කුඩා දරුවෙකු ඊට යටවි ඇත. දරුවා මීටර් 4ක් පමණ ඉදිරියෙන් රැඳී සිටින අතර, වෑන් රථයට යටවීමත් සමග ක්ෂණිකව දරුවාව කොළඹ ජාතික රෝහල ට ඇතුළත් කිරීමට පියවර ගැණුනි. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයContinue Reading

සනිපාරක්ෂක තුවා වල මිල ගනන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ආර්ථික අපහසුකම් සහිත කාන්තා පවුල්වල කාන්තා සනීපාරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වන ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි. රුපියල් 150ක් පමණ පැවති කාන්තා සනිපාරක්ෂක තුවා පැකට්ටුවක් මේ වන විට රුපියල් පන්සීය ඉක්මවා මිල ඉහළ ගොස් ඇතැයි දContinue Reading