සතුරු තර්ජන මැඬ පැවැත්වීම සඳහා ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අධි සංවේදී මෙවලමක් ඉන්දියාව විසින් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. අබ්යාස් නමින් හඳුන්වනු ලබන මේ ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියේ අත්හදා බැලීම පසුගියදා ඔඩීසා ප්‍රාන්තයේ වෙරළ තීරයේදී සිදු කළ බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. අධික වේගයෙන් ගුවන්Continue Reading

බ්‍රිතාන්‍ය රජය ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් උද්ගත වී ඇති ජනතා විරෝධතාවන්ට අමතරව වසර 25කට පසු පළමුවරට එරට ජාතික දුම්රිය රියදුරන් ද දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍ය දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප්‍රධානියා රජයට අනතුරු අඟවා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව ගෙන යන විරෝධතාවට සහායContinue Reading

ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ චිකාගෝවේ, හයිලන්ඩ් පාර්ක් නමැති නගරයේ පැවැත්වුණු නිදහස් දින පෙළපාළියටය. වෙඩික්කරු, වෙළෙඳ ගොඩනැගිල්ලක වහලය මත සිට පහළ මාර්ගයේ පෙළපාළියේ ගමන් කළ පිරිසට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමContinue Reading

රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි. වෙඩි තැබීම කළේ 22 හැවිරිදි හැඩිදැඩි තරුණයෙකි. තරුණයා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත්, පොලිස්පති සෝරන් තොමැසන්Continue Reading

නිරිත දිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් 19ක් ජිවිතක්‍ෂයට පත්ව තිබේ.  තවත් 11ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. බස් රථය ඉස්ලාමාබාද් සිට ක්වෙටා දක්වා ධාවනය වෙමින් තිබූ අතර, එය විශාල ප්‍රපාතයකට පෙරළි ගොස් තිබේ. වැසි පවතින අවස්ථාවක අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීමContinue Reading

ආජන්ටිනාවේ ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ එරට ආර්ථික ඇමැති මාටින් ගුස්මාන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ. 2019 අගභාගයේ සිට එරට ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගුස්මාන් ආජන්ටිනාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ කණ්ඩායමේ ප්‍රධානත්වය දැරීය. සිය තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු රජයෙන් ඉල්ලා ඇත්තේ මීළඟ ආර්ථිකContinue Reading

ඇෆ්ගනිස්ථානයේ නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් එරට පොලිසිය ඔවුන් ළඟ තිබී ඒ. කේ. 47 ස්ටෝක් හයක් පිස්තෝල 13 ක් උණ්ඩ දහස් ගණනක් සහ රොකට් අත්බෝම්බ (RPG) පතල් 19 ක් සොයාගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ දකුණු කන්දහාර් පළාතේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඇෆ්ගනිස්ථානයේ නීතිය හා සාමයContinue Reading

පැය 12ක විදුලි කප්පාදුවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට පාර්ලිමේන්තුවේ කොටසක් විනාශයි බුල්ඩෝසරයක් යොදා ගේට්ටුව කඩා බිඳ දමලා වහා මැතිවරණයක් පවත්වන්න අන්තර්වාර අගමැතිට ජනතාවගෙන් බලපෑම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකි අයුරින් ඉහළ යෑමත්, එක දිගට විදුලි කප්පාදුවක් සිදු කිරීමත් හේතුවෙන් කෝපයට පත් ලිබියාවේ දහස් ගණනක ජනතාව එරට පාර්ලිමේන්තු ගොඩනැඟිගිල්ලට ගිනිContinue Reading

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තායිලන්තයේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා සංචාරකයන් වැඩි වැඩියෙන් රටට ගෙන්වා විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් කංසා වගාව නීතිගත කිරීමට තායිලන්ත රජය පියවර ගෙන ඇත. එරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව ගෙන ඇති මේ පියවර තුළින් විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට තායිලන්ත රජය අපේක්ෂා කරයි.Continue Reading

ඉන්දියාවේ ඊශානදිග ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත නාය අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 50කට අධික පිරිසක් අතුරුදන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නාය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ මනිපූර් හි දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ප්‍රදේශකය.  දෙසීයකට අධික සහන සේවකයින් පිරිසක් තවමත් සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි.Continue Reading