ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට අමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබේ. අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය දින 40ක් පුරා වසා දැමුණු අතර එය අවසන් කළ හැකි ගිවිසුමකට මෙසේ සෙනෙට් සභිකයින් එකඟ වී ඇති බව වාර්තා වේ. රිපබ්ලිකන්වරුන් සමඟContinue Reading

ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ සැන්රිකු අසල කිලෝමීටර 10ක්Continue Reading

ධනකුවේර ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක් ගෙවීමට ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් එකඟවී තිබේ. මේ අනුව ඔවුන් එකඟ වී ඇති වැටුප අමෙරිකානු ඩොලර් බිලියන 878 ඉක්මවූ වැටුපකි. එම වැටුප ඔහුට ලබාදීමට තීරණය කර ඇත්තේ ටෙස්ලා සමාගමේ ආදායම ඉහළ නැංවීම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේ බව සඳහන්වේ. මස්ක්ට මෙතරම් දැවැන්තContinue Reading

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතමින් මේ බව කියා සිටියේය.  ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධානContinue Reading

මධ්‍යම පිලිපීනයට බලපෑ  ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් 58 දෙනෙකු පමණ මියගොස් තිබේ. මියගිය පිරිස අතර මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව සිටි හමුදා සෙබළන් 06 දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් තිබෙන බවද වාර්තා වෙයි.Continue Reading

ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇත. මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැත.Continue Reading

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක් සහ ඇයගේ 46 හැවිරිදි මව බව වාර්තා වේ. රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයContinue Reading

පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඊයේ එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වූ මූලික කෙටුම්පත මගින් තමන්ට යම් අපහාසයක් සිදු වූ බවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් චෝදනා කර තිබේ. ඔහු මේ බව පවසා තිබුණේ සිය ඊශ්‍රායල නිල සංචාරය අතරතුර එම කෙටුම්පත සම්මත වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමිනි. බටහිරContinue Reading

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ. යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින්Continue Reading