කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක සිදුකළ වෙඩි තැබීමකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. පසුව පොලීසිය වෙඩික්කරුට ද වෙඩි තබා ඇති අතර ඔහු එහිදී මරණයට පත්වී තිබුණි. වොන් හි සිදුකර ඇති එම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව එරට මාධ්‍ය පවසයි.  තුවක්කුකරු එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක සිටි පුද්ගලයින්ට වෙඩි තබාContinue Reading

පේරු රාජ්‍යයේ දින කිහිපයක් පුරා පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. විරෝධතාකරුවන් විසින් ගුවන්තොටුපොළ වසාදැමීම හේතුවෙන් කුස්කෝ නගරයේ සංචාරකයින් විශාල පිසිරක් කොටුවී ඇති බව සඳහන්Continue Reading

කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවය. පසුව කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයContinue Reading

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය විසන්ධි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පැවසුවේ ඊයේ (10) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවය. යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ලContinue Reading

ඉරානය රුසියාවේ ඉහළ යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය අතර යුද සබඳතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව එම රටවල් එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට සලකා බලමින් සිටින බවට  වාර්තා වන බව ජෝන් කර්බිContinue Reading

අමෙරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක් ඉකුත් නොවැම්බර් 15 වනදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු 33 හැවිරිදි රාජන් මුණසිංහ නමැත්තෙකි. රාජන් දින කිහිපයක් නිවසේ සිට නොමැති අතර ඔහු නැවත නිවසට පැමිණි විට අනුමාන කර ඇත්තේ තම නිවාස සොරුන් විසින් බිඳContinue Reading

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස්Continue Reading

ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු ඇෆ්ගනිස්තානයේ අයිබක් නගරයේ පිහිටි ආගමික පාසලක සිදුකර ඇති එම ප්‍රහාරයෙන් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබුණි. මියගොස් ඇති පිරිසෙන් බහුතරය වයස අවුරුදු 9ත් 15ත් අතර ළමුන් ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්Continue Reading

යුක්‍රේනයට තවත් ආයුධ තොගයක් ලබාදීමට නේටෝ සංවිධානය පොරොන්දු වී තිබේ. එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශ වූ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ද නේටෝ සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. රොමෙනියාවේ බුකාරෙස්ට්හි පැවති සමුළුවකදී නේටෝ සංවිධානයේ ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මේ බව සඳහන් කර ඇති බව සඳහන්ය.Continue Reading

හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත.Continue Reading