ඉන්දියාවේ ඊශානදිග ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත නාය අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 50කට අධික පිරිසක් අතුරුදන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නාය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ මනිපූර් හි දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ප්‍රදේශකය.  දෙසීයකට අධික සහන සේවකයින් පිරිසක් තවමත් සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි.Continue Reading

වසර 5ක් ඇතුළත පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ පාරිභෝගික මිල ගණන් වේගයෙන් ඉහළ ගිය ද, පොලී අනුපාතිකය ඉහළ දැමීමට ඉක්මන් නොවන බව එරට මහ බැංකුවේ අධිපති පෙරී වරිජියෝ ප්‍රකාශ කර ඇත. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජුනි මාසයේදී එරට ආහාර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවය. ජුනි මාසය වන විට එරටContinue Reading

වර්ධනය වන උද්ධමනය හමුවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටින අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ 20.6% කින් පහත වැටී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ වසරේ ගෙවුණු පළමු මාස 6 ඇතුළත එරට කොටස් වෙළෙඳපොළ එවැනි සැලකිය යුතු අයුරින් පහත වැටී ඇත්තේ 1970 වසරෙන් පසුව බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්Continue Reading

වාර්තාගත අයුරින් ඉහළ ගිය ප්‍රංශයේ උද්ධමනයට මුහුණ දීම සඳහා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කම්කරුවන් ඊයේ වැඩවර්ජනයක් සහ විරෝධතා පැවැත්වීම හේතුවෙන් පැරිසියේ චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපොළේ සහ ප්‍රංශයේ සෙසු ගුවන් තොටුපළවල ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ වර්ජනය හේතුවෙන් වසර දෙකක කාලයක් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියContinue Reading

උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන රාජස්ථාන් ප්‍රාන්තයේ ‘උදයිපුර්’ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් හින්දු ජාතිකයකු මරා දමා එම සිදුවීම රූපගත කර අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රාන්තයේ හින්දු හා මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම් හටගෙන තිබේ. රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර හින්දු ජාතිකයන් විසින් අදාළ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සමගම නීතිය හා සාමය ආරක්ෂාContinue Reading

යුක්රේනයේ ක්‍රෙට් චුංකි සාප්පු සංකීර්ණයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 18ක් මරුමුවට පත් වී ඇත.  තවත් 40කට බරපතළ තුවාල සිදු වී තිබේ.  මෙම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එහි 1000කට අධික පිරිසක් සිටි බව යුක්රේන ජනපති ව්ලැඩමිර් සෙලෙස්කි පැවසීය.  මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපති පැවසුවේ අවි ආයුධ කම්හලකට ප්‍රහාර එල්ලContinue Reading

ජර්මනියේ මියුනිච් හි පැවැති ජී- 7 සමුළුවට සහභාගීවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණීම එරට වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව සිය සතුට පළ කර ඇත.ඉන්දීය ජාතිකයින් ලෙස අපගේ රටේ නායකයාගේ පැමිණීම අපට සිදු කළ ගෞරවයක් යැයි ඔවුහු පවසති.අගමැතිවරයා මියුනිච්හි හෝටලයට පැමිණි විට ඉන්දීය ඩයස්පෝරාව භාරත් මාතා කී ජායි තේමා පාඨය ගායනා කරමින්Continue Reading

ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ අගය වසර 2025 වන විට අමෙරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව රටවල් පහ ඇතුළත් ‘බ්‍රික්ස්‘ සන්ධානයේ පසුගියදා පැවැති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. චීනයේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැති බ්‍රික්ස්Continue Reading

කොවිඩ් – 19 වසංගතය  වෙනස් වෙමින් පවතින නමුත් එය අවසන් වී නොමැති බවත් රටවල් 110 ක රෝගීන් වැඩිවෙමින් පවතින බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. “මෙම වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය අවසන් වී නැත. කොවිඩ් – 19 වෛරසය හඹා යාමේ අපගේ හැකියාව තර්ජනයට ලක්ව ඇති බැවින් වාර්තා කිරීමContinue Reading

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1875 වසරෙන් පසු මෙලෙස දරුණුතම උෂ්ණත්ව ඉහළයෑමක් ජපානයෙන් වාර්තා වෙයි. අඛන්ඩව පස්වන දිනටත් ඊයේ  (29) ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් තිබෙයි. එමෙන්ම ඉසෙසාකි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත.Continue Reading